නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
නික්මයාම 8:22 - Sinhala Revised Old Version පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට, Sinhala New Revised Version එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය. Sinhala New Revised Version 2018 එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය. |
නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව.
ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය.
ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය.
දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.
මම මිසරය පිටට මාගේ අත දිගුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හි මා ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.
ඔහුද: හෙටයයි කීය. එවිට ඔහු: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හා සමාන කිසිවෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස ඔබගේ වචනය ලෙස වේවා.
නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම නුඹ පිටටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.
මාගේ සෙනඟ හා නුඹේ සෙනඟ අතරේ වෙනසක් කරන්නෙමි. හෙට දවසේ මේ ලකුණවන්නේය කියා කියවයි කීසේක.
මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.
පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.
මෙසේ මම මිසරයෙහි විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි. එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.
එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.