ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 40:23 - Sinhala Revised Old Version

ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටී තැබීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් රොටි තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් පූප තැබී ය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 40:23
8 හුවමාරු යොමු  

උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.


පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු පහන් රුක සම්මුඛවීමේ කූඩාරමෙහි මේසය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ තබා,


මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න.


සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.


ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න.


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;