Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 24:5 - Sinhala Revised Old Version

5 සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “නුඹ සිහින් පිටි රැගෙන පූප දොළොසක් සාදන්න. එක පූපයක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 24:5
18 හුවමාරු යොමු  

පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටී තැබීය.


නුඹේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,


දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්:


අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි.


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;


මේසය සහ ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;


පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.


එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය.


ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම්කිරීමට පත්ව සිටියෝය.


පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,


ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.


අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මුළු වැඩ සඳහාත් ෂෙකෙලකින් තුනෙන් පංගුවක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවාගතිමු.


මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න.


තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.


තවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලවලට අපේ පියවංශවල ප්‍රකාරයට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන දර පඬුරු ගෙනඊම ගැන පූජකයෝද ලෙවීවරුද සෙනඟද වන අපි පස ඇට දැමුවෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්