නික්මයාම 32:18 - Sinhala Revised Old Version ඔහු: මට ඇසෙන්නේ ජය නිසා ඝෝෂාකරන්නන්ගේ ශබ්දයවත් පරාජය නිසා හඬනගන්නන්ගේ ශබ්දයවත් නොව ගීතිකාකරන්නන්ගේ හඬයයි කීය. Sinhala New Revised Version එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.” Sinhala New Revised Version 2018 එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.” |
තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.