Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 32:17 - Sinhala Revised Old Version

17 සෙනඟ ඝෝෂාකරන හඬ යෝෂුවාට ඇසී: කඳවුරෙහි යුද්ධ ඝෝෂාවක් තිබේයයි මෝසෙස්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, “කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, “කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 32:17
20 හුවමාරු යොමු  

මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.


මෝසෙස් යෝෂුවාට කථාකොට: නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරුන් සමඟ සටන්කරන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටිය අතින් ගෙන හෙළ මුදුනේ සිටින්නෙමියි කීවේය.


ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.


ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.


පළඟැටියන් මෙන් මනුෂ්‍යයන්ගෙන් නුඹ පුරවන්නෙමි; ඔවුන් නුඹට විරුද්ධව ඝෝෂාවක් නගනවා ඇත කියා සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ගැනම දිවුළසේක.


සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්.


ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යූදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.


දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය.


ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.


එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන,


සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ.


යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය.


තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.


ඔහු: මට ඇසෙන්නේ ජය නිසා ඝෝෂාකරන්නන්ගේ ශබ්දයවත් පරාජය නිසා හඬනගන්නන්ගේ ශබ්දයවත් නොව ගීතිකාකරන්නන්ගේ හඬයයි කීය.


ඔව්හු පසුවදා වේලාසනින් නැගිට, දවන පූජා ඔප්පුකළෝය, ශාන්ති පූජාද ගෙනාවෝය; එවිට සෙනඟ කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැගුටුණෝය.


ඒ ලෑලි දෙවියන්වහන්සේගේ කර්මාන්තයද ලෑලි පිට කොටනලද ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ලද විය.


ඔහුගේ පුත්‍රයා නූන්ය, ඔහුගේ පුත්‍රයා යෝෂුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්