තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.
නික්මයාම 3:22 - Sinhala Revised Old Version එහෙත් එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නියගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්වාගන්නීය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පළඳවන්නහුය; මෙසේ නුඹලා මිසරවරුන්ගේ වස්තුව ගන්නහුයයි කීසේක. Sinhala New Revised Version සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.” Sinhala New Revised Version 2018 සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.” |
තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.
මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.
තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය.
දැන් සෙනඟ ඉදිරියෙහි කථාකරව, එක එක පුරුෂයා තම තමාගේ අසල්වාසියාගෙන්ද එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද රිදී බඩුත් රත්රන් බඩුත් ඉල්ලාගනිත්වයි කීසේක.
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.
ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.