ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.
නික්මයාම 22:31 - Sinhala Revised Old Version නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය. Sinhala New Revised Version “නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.” Sinhala New Revised Version 2018 “නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.” |
ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.
ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
එබැවින් නුඹලා පවිත්‍ර අපවිත්‍ර මෘගයන් අතරේද අපවිත්‍ර පවිත්‍ර පක්ෂීන් අතරේද වෙනස සලකන්න. නුඹලාට අපවිත්‍රකොට මා විසින් වෙන් කරනලද්දාවූ මෘගයන්ගෙන්වත් පක්ෂීන්ගෙන්වත් බඩගා යන කිසි සතෙකුගෙන්වත් නුඹලාගේ ආත්ම පිළිකුල්කර නොගන්න.
ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.
ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් නුඹලා කිසිසේත් ඒවායින් නොකෑයුතුය.
නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය.
රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.
ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.