මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
නික්මයාම 22:2 - Sinhala Revised Old Version උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය. Sinhala New Revised Version සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි. Sinhala New Revised Version 2018 සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි. |
මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති; මනුෂ්‍යයෝ සොරෙකුට මෙන් ඔවුන්ට විරුද්ධව කෑගසමින් ඔවුන් ලුහුබඳිති.
තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.
මා විසින් ඉශ්‍රායෙල්ට සුවකරන්ට කැමැතිවූ කල එප්‍රායිම්ගේ අයුතුකමද සමාරියේ දුෂ්ටකම්ද එළිදරව්වී තිබේ; මක්නිසාද ඔව්හු බොරුවෙන් ක්‍රියාකරති. සොරාද ඇතුල්වෙයි, කොල්ලකාර සමුදාව පිටත කොල්ලකති.
උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.
ලේවල පළිය ගන්නාට ඔහුගේ ආරක්ෂා නුවර සීමාවෙන් පිටතදී ඔහු සම්බවී ඔහු මරන්නේවී නුමුත්, ඔහු ලේ ගැන වරදකාරයෙක් නොවන්නේය.
නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.
මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.
නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා.