Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 22:2 - Sinhala New Revised Version

2-4 සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

Sinhala Revised Old Version

2 උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

නික්මයාම 22:2
11 හුවමාරු යොමු  

මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.

සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.

මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ. සොරුන්ට මෙන් ඔවුන්ට විරුද්ධ ව කෑගසමින් මිනිස්සු ඔවුන් ලුහුබැඳ ගියහ.

අසරණයන්ගේ නිදොස් ලෙය නුඹලාගේ ඇඳුම්වල තැවරී ඇත. ඔවුන් නුඹලාගේ ගෙවල් බින්දේ නැත.

ඉශ්රායෙල් සෙනඟට සෞභාග්‍යයත්, සුවයත් ආපසු දෙන්න මා බලන හැම විට ම මට පෙනෙන්නේ එප්‍රායිම්ගේ අයුතුකම් හා සමාරියේ දුෂ්ටකම් ය. ඔව්හු වංචාකම් කරති; සොරුන් මෙන් ගෙවල් බිඳ සොරකම් කරති; එයින් පිට මංකොල්ල කති.

උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති.

එහි දී, මරාදැමූ තැනැත්තාගේ කිට්ටු ඥාතියාට ඔහු සම්බවුණොත් මිනීමරුවා මරාදැමිය හැකි ය. ඥාතියා ඒ මැරීම ගැන වරදකරුවෙකු නොවනු ඇත.

සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.

මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.

ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ, සොරෙකු හෝ, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්