3 නුමුත් ඉර උදාවී තිබේ නම් ඔහු ගැන මිනීමැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය; ඔහුට කිසිවක් නැත්නම් සොරකම්කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය.
නුඹ හෙබ්‍රෙව් වැඩකාරයෙකු මිලේට ගන්නෙහි නම් ඔහු අවුරුදු හයක් වැඩකොට සත්වෙනි අවුරුද්දේ නිකමට නිදහස්ව යන්නේය.
ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තිවරුන් අතටද අම්මොන් පුත්‍රයන් අතටද පාවාදුන්සේක.
ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.
උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.
ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය.
වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.
යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.