නික්මයාම 14:2 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න. Sinhala New Revised Version “ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. |
ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.
මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.
මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.
එබැවින්, බලව, මම නුඹටත් නුඹේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.
මා විසින් නුඹලාගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල නුඹලා මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව නුඹලාගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.