Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:10 - Sinhala Revised Old Version

10 එබැවින්, බලව, මම නුඹටත් නුඹේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:10
12 හුවමාරු යොමු  

මම ගංගා හින්දවා, දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා, දේශයද එහි පූර්ණකමද විදේශීන් ලවා පාළුකරවන්නෙමි.


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය.


මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.


මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්, මම නුඹට විරුද්ධව සිටිමි, මුහුදේ රැළ නැගී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.


නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.


මිසර දේශය නාස්තියක්ද පාළුවක්ද වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මක්නිසාද: ගංගාව මාගේය, මම ඒක සාදාගතිමියි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්