Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:9 - Sinhala Revised Old Version

9 මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:9
5 හුවමාරු යොමු  

සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.


මා විසින් නුඹලාගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල නුඹලා මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව නුඹලාගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න.


එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.


ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්