ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය.
නික්මයාම 12:34 - Sinhala Revised Old Version එබැවින් සෙනඟ තමන්ගේ අනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම්වලින් ඔතා කරේ තබාගත්තෝය. Sinhala New Revised Version එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ. Sinhala New Revised Version 2018 එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ. |
ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය.
එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් නුඹේ ගෙටත් නුඹේ යහන් ගබඩාවටත් නුඹේ යහන පිටටත් නුඹේ මෙහෙකරුවන්ගේ ගෙටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ උදුන්වලටත් නුඹේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.
උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.