Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:33 - Sinhala Revised Old Version

33 මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 “නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 “නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:33
9 හුවමාරු යොමු  

ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය; මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ සහ මිසරය පිටට තව එක පීඩාවක් පමුණුවන්නෙමි; ඉන්පසු ඔහු නුඹලා මෙතැනින් යන්ට හරින්නේය. ඔහු නුඹලා හරින කල සැබවින් සහමුලින්ම නුඹලා මෙතැනින් නෙරපන්නේය.


නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මා විසින් ඵාරාවෝට කරන දේ දැන් නුඹ දක්නෙහිය. මක්නිසාද ඔහු බලවත් අතක් කරණකොටගෙන ඔවුන් යන්ට හරින්නේය, ඔහු බලවත් අතක් කරණකොටගෙන තමාගේ රටින් ඔවුන් පන්නාහරින්නේයයි කීසේක.


ඵාරාවෝගේ මෙහෙකරුවෝ: මේ මනුෂ්‍යයා කොතෙක් කල් අපට මල පතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශවී තිබෙන බව ඔබ තවම නොදන්නෙහිදැයි කීවෝය.


ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය.


මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ නුඹලාට පස්සෙන් එනසේක.


එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්