Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:35 - Sinhala Revised Old Version

35 ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:35
8 හුවමාරු යොමු  

තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය.


තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.


ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.


සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්