ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.
නික්මයාම 1:17 - Sinhala Revised Old Version එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය. Sinhala New Revised Version එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. Sinhala New Revised Version 2018 එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. |
ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.
තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.
එහෙත් යෝවාබ්ගේද සේනාපතීන්ගේද වචනය යටපත් වී රජුගේ වචනය ස්ථිරවිය. යෝවාබ්ද සේනාපතීහුද ඉශ්‍රායෙල් සෙනඟ ගණන්කරන පිණිස රජු ඉදිරියෙන් පිටත්ව ගියෝය.
නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.
ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
එවිට මිසරයේ රජ වින්නඹුවන් කැඳවා: කුමක්හෙයින් මේ දේ කොට පිරිමි දරුවන් නොමරා ඉතිරිකළහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. වින්නඹුවෝ:
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.
එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය.
මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.
නුමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි. නැසුවායින් පසු නිරයෙහි හෙළන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේට භයවෙන්න; එසේය, උන්වහන්සේටම භයවෙන්නැයි නුඹලාට කියමි.
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.
රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: නුඹලා ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.