Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:17 - Sinhala Revised Old Version

17 රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: නුඹලා ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:17
15 හුවමාරු යොමු  

එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.


එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.


නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.


තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය.


මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)


එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.


ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.


ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය.


සාවුල්ද: නුඹත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? නුඹ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.


එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.


ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.


බලව, නුඹේ වංශයේ මහලු මිනිහෙක් නොසිටින ලෙස නුඹේ බාහුවද නුඹේ පියාගේ වංශයේ බාහුවද මා විසින් සිඳදමන කාලයක් පැමිණෙන්නේය.


රජ්ජුරුවෝ: අහිමෙලෙක්, නුඹත් නුඹේ මුළු පිය වංශයේ සියලු දෙනාත් සැබවින් මරනු ලබන්ට ඕනෑයයි කීය.


රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්