Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 1:17 - Sinhala New Revised Version 2018

17 එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 1:17
22 හුවමාරු යොමු  

එවිට පේදුරු සහ අපෝස්තුළුවරු පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.


තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.


එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.


ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.


මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.


දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න; දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.


පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.


දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?


තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;


එප්‍රායිම් නිෂ්ඵල දේ ලුහුබැඳ ගිය බැවින් ඒ දේශය විනිශ්චයයට යට වී පොඩි වී ඇත.


දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.


එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.


ඔම්රි රජුගේ අණපනත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”


ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.


එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය.


එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.


එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නො‍සලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්