සතරවෙනි රාජ්‍යය යකඩ මෙන් බලවත්වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩිකර සුණුකරයි. යකඩෙන් සුණුකරන්නාක් මෙන් ඒ රාජ්‍යය ඒ සියල්ල පොඩිකර සුණු කරනවා ඇත.
දානියෙල් 7:23 - Sinhala Revised Old Version ඔහු මෙසේ කීවේය: සතරවෙනි මෘගයා නම් සියලු රාජ්‍යවලට වෙනස්වූ, මුළු පොළොව නාස්තිකොට පාගාදමා පොඩිකරන සතරවෙනි රාජ්‍යයක්ය. Sinhala New Revised Version මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය. |
සතරවෙනි රාජ්‍යය යකඩ මෙන් බලවත්වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩිකර සුණුකරයි. යකඩෙන් සුණුකරන්නාක් මෙන් ඒ රාජ්‍යය ඒ සියල්ල පොඩිකර සුණු කරනවා ඇත.
අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.
ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.
තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.