Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:7 - Sinhala Revised Old Version

7 ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:7
17 හුවමාරු යොමු  

අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.


අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට ඔටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.


නුඹ දුටු අං දසය නම්, තවම කිසි රාජ්‍යයක් නොලැබූ රජවරු දස දෙනෙක්ය; නුමුත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට රජවරුන් ලෙස ආණ්ඩුබලය ලබන්නෝය.


දේවදූතයා මට කථාකොට: නුඹ පුදුමවුණේ මක්නිසාද? ස්ත්‍රියගේද ඈව උසුලාගෙන යන හිස් සතකුත් අං දසයකුත් ඇති මෘගයාගේද රහස නුඹට කියමියි මට කීය.


ඒක ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය.


මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක.


දානියෙල් කථාකොට කියනුයේ: රාත්‍රියේ මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි–ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.


එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණුකෙළෙමි, වීථිවල මඩ මෙන් ඔවුන් පාගා විසුරුවාදැමීමි.


නුඹ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය.


දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.


එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය.


උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද? උගේ දත් අවටින් භීතිය තිබේ.


ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.


තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්