දානියෙල් 4:5 - Sinhala Revised Old Version මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය. Sinhala New Revised Version එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය. |
නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.
නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය.
මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය.
එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමඟ පොළොවේ තණකොළ අතරේ වේවා.
එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.
රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා.
ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය;
බබිලෝනියේ රජවූ බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය.
කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි.