Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:3 - Sinhala Revised Old Version

3 රජද: මා ස්වප්නයක් දැක, ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැලඹී තිබේයයි ඔවුන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:3
5 හුවමාරු යොමු  

ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයක් දුටිමි, ඒකේ තේරුම කියාදීමට පොහොසත්වූ කවරෙක්වත් නැත්තේය. නුඹ ස්වප්නයක් ඇසූ කල්හි ඒකේ අර්ථය තෝරාදෙන්ට නුඹට පුළුවනැයි නුඹ ගැන කියනවා මම ඇසීමියි කීයේය.


ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.


මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය.


නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය.


උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්