යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
දානියෙල් 3:16 - Sinhala Revised Old Version ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. Sinhala New Revised Version ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත. |
යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.
නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය.
නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.