Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දානියෙල් 3:16 - Sinhala New Revised Version

16 ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 3:16
4 හුවමාරු යොමු  

තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.


එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.


එහෙත්, බබිලෝනි පළාත පාලනය කිරීමට ඔබ පත් කළ ජුදෙව්වරුන් වන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන තිදෙනා ඔබේ අණට කීකරු නොවෙති. ඔවුන් ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැත.”


එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්