ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 3:15 - Sinhala Revised Old Version

ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.”

පරිච්ඡේදය බලන්න



දානියෙල් 3:15
25 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය.


එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.


ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය.


නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.


රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.


නුඹලා ස්වප්නය මට නොදැන්නුවොත්, නුඹලාට ඇත්තේ එක නියමයක්ය. කාලය වෙනස්වෙන තුරු, නුඹලා මා ඉදිරියෙහි කියන්ට බොරුවූ ප්‍රයෝග වචන යොදාගන හිඳිනහුය. එබැවින් ස්වප්නය මට කියන්න, එවිට නුඹලාට එහි අර්ථය පෙන්වන්ට පුළුවන් බව මට දැනෙනවා ඇතැයි කීවේය.


ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


එවිට රජුගේ ආඥාව පිට දානියෙල් ගෙනැවිත්, සිංහ ගුහාවේ දැමුවෝය. රජ දානියෙල්ට කථාකොට: නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළවනසේක්වයි කීවේය.


ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය.


නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.


ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය.


ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙන්න. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියන්න. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය.


ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න.


ඉන්පසු ඵල දැරුවොත් යහපත; නැත්නම් ඒක කපාදමන්ට පුළුවනැයි ඔහුට කීවේයයි කීසේක.


නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.


පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.


මන්ත්‍රණ සභාවේ ඉඳගන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙළා සිටියදී, ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය.