ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 2:32 - Sinhala Revised Old Version

ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද

පරිච්ඡේදය බලන්න



දානියෙල් 2:32
11 හුවමාරු යොමු  

නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!


බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.


ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය.


ආකාශ පක්ෂීන් ලැග්ගාවූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ, එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය.


තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.


පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.


ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය,