Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:22 - Sinhala Revised Old Version

22 ආකාශ පක්ෂීන් ලැග්ගාවූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ, එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:22
18 හුවමාරු යොමු  

එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා නුඹය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම නුඹ සාවුල් අතින් ගළවාගතිමි.


මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක


මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය.


මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.


ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.


නුමුත් එහි සිටි ඕදෙද් යන නමැති ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් සමාරියට ආ සේනාව සම්මුඛවෙන්ට පිටත්ව ගොස් ඔවුන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යූදා කෙරෙහි උදහස්වූ නිසා උන්වහන්සේ ඔවුන් නුඹලා අතට පාවාදුන්සේක, නුඹලා අහසට නැගෙන තරම් මහත් කෝපයකින් ඔවුන් මැරුවහුය.


එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය.


ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.


ඒ ගස වැඩී, ශක්තිමත්ව තිබුණේය, ඒකේ උස අහස දක්වා විය, ඒක මුළු පොළොවේ කෙළවරට පෙනුණේය.


ශෝභන කොළද බොහෝ ඵලද සියල්ලන්ට කෑමද තිබුණාවූ, වනයේ මෘගයන් වාසයකළාවූ,


ඒ කාලයේදී මාගේ සිහිය නැවත මට පැමිණියේය; මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ මහිමතාවත් ඓශ්චර්යයත් මට නැවත පැමිණියේය; මාගේ මන්ත්‍රීහුද මාගේ උත්තමයෝද මා ළඟට ආවෝය; මම වනාහි මාගේ රාජ්‍යයෙහි පිහිටුවනු ලැබීමි, මාගේ උතුම්කමත් බොහෝසෙයින්ම මට ලැබුණේය.


මමම මාගේ මහත් බලයෙන්ද දිගුකළ මාගේ හස්තයෙන්ද පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි.


කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය.


දොළොස් මසක් ගතවූ පසු ඔහු බබිලෝනියේ රාජමාළිගාව උඩ සක්මන්කරමින් සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්