එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.
දානියෙල් 11:41 - Sinhala Revised Old Version ඔහු අලංකාර දේශයටත් ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත. එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත. Sinhala New Revised Version පලස්තීන දේශයටත් ඔහු කඩා වදින්නේ ය. රටවල් බොහොමයක් වැටෙන්නේ ය. එහෙත්, ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන්ගේ ප්‍රධාන කොටස් ඔහුගේ අතින් බේරෙන්නේ ය. |
එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.
එනම් මිසරයටද යූදාටද ඒදොම්ටද අම්මොන් පුත්‍රයන්ටද මෝවබ්ටද තමුන්ගේ රැවුල් කොන් කැපුවාවූ කාන්තාරයෙහි වාසයකරන්නාවූ සියල්ලන්ටද මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය. මක්නිසාද සෑම ජාතීහු අචර්මඡේදිතවද මුළු ඉශ්‍රායෙල් වංශය සිතින් අචර්මඡේදිතවද සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එහෙත් ඔහුට විරුද්ධව එන තැනැත්තා තමාගේ කැමැත්ත ලෙස කරන්නේය, කිසිවෙකුට ඔහු ඉදිරියේ හිටින්ට බැරිවන්නේය. ඔහු අලංකාර දේශයේ සිටින්නේය, එය මුළුමනින්ම ඔහු අතට අසුවන්නේය.
ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.