Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:9 - Sinhala Revised Old Version

9 එයින් එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එයින් එකකින් කුඩා අඟක් නික්මී දකුණටත්, නැගෙනහිරටත්, පලස්තීනය දෙසටත් ඉමහත් බලය පෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:9
12 හුවමාරු යොමු  

එහෙත් ඔහුට විරුද්ධව එන තැනැත්තා තමාගේ කැමැත්ත ලෙස කරන්නේය, කිසිවෙකුට ඔහු ඉදිරියේ හිටින්ට බැරිවන්නේය. ඔහු අලංකාර දේශයේ සිටින්නේය, එය මුළුමනින්ම ඔහු අතට අසුවන්නේය.


ඒ අං දෙස මා බලාසිටිද්දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය, ඒක ඉදිරියෙහි පළමු අංවලින් තුනක් උදුරා දමනු ලැබීය. බලව, මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟුලෙස කථාකරන මුඛයක්ද තිබුණේය.


තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්‍රියකරුය.


ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.


ඔහුගේ ස්ථානයෙහි නීචයෙක් නැගිටින්නේය; ඔහුට රජකමේ ගෞරවය නුදුන් නුමුත් ඔහු හදිසියෙන් පැමිණ, ඉච්චාවලින් රාජ්‍යය ලබාගන්නේය.


නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.


උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්