උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.
ද්විතීය නීතිය 9:10 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්‍රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට නුඹලාට කථාකළ සියලු වචනවල ප්‍රකාරයට ඒවායේ ලියා තිබුණේය. Sinhala New Revised Version එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි. Sinhala New Revised Version 2018 එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි. |
උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.
නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ.
නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ.
මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.
රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලාට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.
ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.
එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.