Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 18:16 - Sinhala Revised Old Version

16 ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 18:16
8 හුවමාරු යොමු  

මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.


දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්‍රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට නුඹලාට කථාකළ සියලු වචනවල ප්‍රකාරයට ඒවායේ ලියා තිබුණේය.


හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.


මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,


රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලාට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: නුඹලා මේ කන්දේ විසූ කාලය ඇත.


එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්