ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.
ද්විතීය නීතිය 4:49 - Sinhala Revised Old Version පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය. Sinhala New Revised Version තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය. Sinhala New Revised Version 2018 තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය. |
ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.
කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.
ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,
නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,
මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.