ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 4:48 - Sinhala Revised Old Version

නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 4:48
7 හුවමාරු යොමු  

සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.


අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.


අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.


එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.


(සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;)


පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.