Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:36 - Sinhala Revised Old Version

36 අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:36
18 හුවමාරු යොමු  

එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,


නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,


අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


අහෝ ආරොයේර් වැසිය, මාර්ගයෙහි බලබලා සිට: මක්වුණාද කියා පලායන තැනැත්තන්ගෙන්ද ගැළවීයන තැනැත්තන්ගෙන්ද අසන්න.


අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.


ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,


හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,


නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද;


ඔව්හු අර්ණොන් පටන් යබ්බොක් දක්වාද කාන්තාරයේ පටන් යොර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමිකරගත්තෝය.


ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසයකරද්දී නුඹලා ඒ කාලය අතරතුරේ ඒවා ගළවා නොගත්තේ මක්නිසාද?


ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.


හසායෙල් යොර්දානට නැගෙනහිරින් තිබෙන ඉශ්‍රායෙල්ගේ සියලු පළාත්වූ අර්ණොන් මිටියාවත ළඟවූ අරොයේර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත් රූබෙන්වරුන්ටත් මනස්සේවරුන්ටත් පහර-දුන්නේය.


ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්