Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:49 - Sinhala Revised Old Version

49 පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:49
6 හුවමාරු යොමු  

කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.


බෙත්-පෙයෝර්ද පිස්ගාහි පාවුලද බෙත්-යෙෂිමොත්ද,


ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,


නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,


මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.


ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්