ද්විතීය නීතිය 32:7 - Sinhala Revised Old Version පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය. Sinhala New Revised Version පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත. Sinhala New Revised Version 2018 පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත. |
දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.
එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.
පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.
එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?
මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා නුඹට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.
ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.