මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.
ද්විතීය නීතිය 32:37 - Sinhala Revised Old Version උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පූජාවල තෙල කෑවාවූ, ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රිකපානය බීවාවූ, Sinhala New Revised Version එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද? Sinhala New Revised Version 2018 එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද? |
මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.
එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.
නැතහොත් නුඹ දේශයේ වැසියන් සමඟ යම් ගිවිසුමක් කරනවා ඇත. එවිට ඔවුන් තමුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කරමින් තමුන්ගේ දෙවිවරුන්ට යාග පුදන කල්හි ඔවුන්ගෙන් කෙනෙක් නුඹට අඬගසන කල නුඹ ඔහුගේ යාගයෙන් කෑමටද,
ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට යූදාහි නුවරවල්ද යෙරුසලමේ වැසියන්ද ගොස් ඔවුන් විසින් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පුකරන දෙවිවරුන්ට මොරගසනවා ඇත. නුමුත් ඔවුන්ගේ විපත්ති කාලයේදී ඒ දෙවිවරු කොහෙත්ම ඔවුන් ගළවන්නේ නැත.
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
නුඹලා විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගළවත්වයි කීසේක.