Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 10:14 - Sinhala Revised Old Version

14 නුඹලා විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගළවත්වයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 10:14
10 හුවමාරු යොමු  

නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.


පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?


එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.


ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.


නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.


එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්