ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 3:27 - Sinhala Revised Old Version

නුඹ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද නුඹේ ඇස් යොමා බලන්න. මක්නිසාද නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 3:27
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.


ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලන්න.


තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මටත් උදහස්ව කථාකොට: නුඹත් එහි ඇතුල් නොවන්නෙහිය.


ඔහු ඔවුන්ට කථාකොට: මම අද අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටිමි; තවත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොහැක්කෙමි. නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන්වහන්සේ මට කීසේක.


යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට නුඹ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,


නුඹ දුර සිට දේශය දක්නෙහිය; එහෙත් මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඇතුල් නොවන්නෙහියයි කීසේක.