Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:12 - Sinhala Revised Old Version

12 ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:12
26 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මටත් උදහස්ව කථාකොට: නුඹත් එහි ඇතුල් නොවන්නෙහිය.


ජාතීන් අතරෙහි කෙලහී තිබෙන්නාවූ, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුවෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,


විශ්වාසකළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය.


බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නේහියයි කීවේය.


උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;


සේනාවල ස්වාමීන්වහන්සේම ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.


නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.


මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි නුඹේ සිතට කාරණා පහළව, නුඹ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට–


මා විසින් ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස්කළ කල්හි, මිහිරි සුවඳක්කොට නුඹලා පිළිගෙන, නුඹලා කරණකොටගෙන ජාතීන් ඉදිරියෙහි මා පිරිසිදු බව පෙන්වන්නෙමි.


එප්‍රායිම්ගේ ඉස නම් සමාරියේ, සමාරියය ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.


තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක.


අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.


ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්