ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය.
ද්විතීය නීතිය 3:16 - Sinhala Revised Old Version තවද ගිලියද් පටන් අර්ණොන් ඔය ඇතුළත දක්වාම තිබෙන පළාතත් අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා තිබෙන පළාතත්, Sinhala New Revised Version රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වලට මම ගිලියද් සිට අර්ණොන් නදිය දක්වා වූ ප්‍රදේශය දුනිමි. ගංගාවේ මැද එක සීමාවක් විය. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් දේශ සීමාව අසලින් ගලා ගිය ජබ්බොක් ගඟ එක සීමාවක් විය. Sinhala New Revised Version 2018 රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වලට මම ගිලියද් සිට අර්ණොන් නදිය දක්වා වූ ප්‍රදේශය දුනිමි. ගංගාවේ මැද එක සීමාවක් විය. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් දේශ සීමාව අසලින් ගලා ගිය ජබ්බොක් ගඟ එක සීමාවක් විය. |
ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය.
ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.
එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය.
එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ දේශය වන මුළු යබ්බොක් ඔය අසබඩටවත් කඳුකරයේ නුවරවලටවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට තහනම්කළ කිසි තැනකටවත් නුඹ ළං නූණෙහිය.