Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 32:22 - Sinhala Revised Old Version

22 ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 32:22
10 හුවමාරු යොමු  

තවද ගිලියද් පටන් අර්ණොන් ඔය ඇතුළත දක්වාම තිබෙන පළාතත් අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා තිබෙන පළාතත්,


එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ දේශය වන මුළු යබ්බොක් ඔය අසබඩටවත් කඳුකරයේ නුවරවලටවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට තහනම්කළ කිසි තැනකටවත් නුඹ ළං නූණෙහිය.


යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.


හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,


ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.


තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය.


මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත්‍රියේ අන්දායමෙහි නැවතුණේය.


ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය.


අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්