පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
ද්විතීය නීතිය 28:26 - Sinhala Revised Old Version නුඹේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය. Sinhala New Revised Version ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත. Sinhala New Revised Version 2018 ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත. |
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
ඔවුන් අතරෙන් මැරුම්කෑ අය අහක දමනු ලබන්නෝය, ඔවුන්ගේ මළකඳන් ගඳගසන්නේය, කඳු ඔවුන්ගේ ලෙයින් දියවන්නේය.
මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.
ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
මේ සෙනඟගේ මළකඳන්ද ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේය; කිසිවෙක්ද උන් භය නොගන්වන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි යූදා රජවරුන්ගේ ඇටද ඔවුන්ගේ අධිපතීන්ගේ ඇටද පූජකයන්ගේ ඇටද අනාගතවක්තෘවරුන්ගේ ඇටද යෙරුසලමේ වැසියන්ගේ ඇටද ඔවුන්ගේ සොහොන්ගෙවලින් එළියට ගෙනැවිත්,