එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.
ද්විතීය නීතිය 27:14 - Sinhala Revised Old Version ලෙවීවරුද උත්තරදෙමින් සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට ශබ්දනගා මෙසේ කියත්වා– Sinhala New Revised Version ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය: Sinhala New Revised Version 2018 ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය: |
එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.
ශාපකියන පිණිස රූබෙන්ද ගාද්ද ආෂෙර්ද සාබුලොන්ද දාන්ද නප්තලීද යන මොව්හු ඒබාල් කන්ද පිට සිටිත්වා.
ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.
සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.
ඉන්පසු ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය.