යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
ද්විතීය නීතිය 22:21 - Sinhala Revised Old Version ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න. Sinhala New Revised Version ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. Sinhala New Revised Version 2018 ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. |
යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
දේශය වේශ්‍යාකමට වැටී දූෂ්‍යකමින් නොපිරෙන පිණිස නුඹේ දුව වේශ්‍යාකමට දී අපවිත්‍ර නොකරන්න.
නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කවරෙකු නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය; දේශයේ වැසියෝ ඔහුට ගල්ගසත්වා.
තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය.
ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය.
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔහු කී ලෙස ඔව්හු දෙස් කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ගල්ගසා මැරුවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය.
වහල්කමේ ගෙයවූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් නුඹ අහක්කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසන්ට ඕනෑය.
ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.
නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,
ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ නුඹේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.
ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.
එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.
පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න.
සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය.
එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔව්හු මා මරන්ට සිතුවෝය, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලාත්කාරකම් කළෝය.
එවිට මම මාගේ උපභාර්යාව අරන් ඈ කොට්ඨාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දූෂ්‍යකමක්ද නින්දිතකමක්ද කළෝය.