පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය.
ද්විතීය නීතිය 21:22 - Sinhala Revised Old Version මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් නුඹ විසින් ගසක එල්ලනු ලැබුවේනම්, Sinhala New Revised Version “යමෙකු මරණ දඬුවමට සුදුසු අපරාධයක් කොට ගසක එල්ලා මරනු ලැබුවහොත් Sinhala New Revised Version 2018 “යමෙකු මරණ දඬුවමට සුදුසු අපරාධයක් කොට ගසක එල්ලා මරනු ලැබුවහොත් |
පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය.
එවිට අයාගේ දුවවූ රිශ්පා ගෝනි රෙදි අරගන ගොස් පර්වතය පිට අතුරා ඉඳ, ගොයම් කපන කාලයේ පටන්ගැන්මේ සිට ඔවුන් පිට අහසින් වැසි වසින තුරු දවල් ආකාශයේ පක්ෂීන්ටවත් රෑ වනයේ මෘගයන්ටවත් ඔවුන් ළඟට පැමිණෙන්ට ඉඩනොදී සිටියාය.
අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය.
දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙන ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන් ස්වාමීන්වහන්සේ උදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක.
දේව අපහාසය නුඹලාට ඇසුණේය. නුඹලා සිතන්නේ මොකදැයි ඇසුවේය. ඔවුන් සියල්ලෝ උන්වහන්සේ මරණයට සුදුස්සෙක්යයි තීන්දුකොට කීවෝය.
ඔව්හු ඉස්කබල නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසියෙහි ඇණගසන්නාහු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද අනික් එක්කෙනා වම්පැත්තෙහිද ඇණගැසුවෝය.
එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.
ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියි කීවේය.
නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
ඉවතට ගොස්: මේ මනුෂ්‍යයා මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු කිසිදෙයක් කරනවා නොවේයයි ඔවුනොවුන් කථාකරගත්තෝය.
නැත්නම් සමහරවිට පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛර නොකළ බැවින්, ඔහු මරනු ලබන්ට නුසුදුසු නුමුත්, ලෙයෙහි පළිය ගන්නාගේ සිත කෝපව තිබෙන කල්හි ඔහු පස්සේ එලවාගෙන ගොස්, ගමන දුර නිසා ඔහු කරා පැමිණ ඔහු මරනවා ඇත.
නුමුත් යෞවනියට කිසිවක් නොකරන්න; මරනු ලැබීමට සුදුසු පාපයක් යෞවනී කළේ නැත. මේ කාරණය වනාහි මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව නැගිට ඔහු මරා දැමීම හා සමානය.
ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.
ඉර බසින වේලාවේ යෝෂුවාගේ අණ පිට ඔව්හු ඔවුන් ගස්වලින් බා ඔවුන් සැඟවී සිටිය ගුහාවේ දමා, අද දක්වාම තිබෙන මහත් ගල් ඒ ගුහා කටෙහි තැබුවෝය.
ඔහු හායිහි රජ සවස දක්වා ගසක එල්ලා තැබුවේය. ඉර බසින වේලාවේ ඔහුගේ මළකඳ යෝෂුවාගේ අණ පිට ගසින් බා, නුවර දොරකඩ හෙළා, මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩගැසුවෝය. එය අද දවස දක්වා තිබේ.
නුඹ කළ මේ දෙය හොඳ නැත. නුඹලා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන නුඹලාගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹලා මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.