යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
ද්විතීය නීතිය 21:15 - Sinhala Revised Old Version මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්, Sinhala New Revised Version “යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්, Sinhala New Revised Version 2018 “යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්, |
යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.
නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ ඇසූ බැවින් මේ පුත්‍රයාත් මට දුන්සේකැයි කියා ඔහුට සිමියොන් යන නාමය තැබුවාය.
රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.
ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.
ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.