Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 21:16 - Sinhala Revised Old Version

16 ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවැනි අවස්ථාවක දී, ඒ පුරුෂයා තමා සන්තක වස්තුව තම දරුවන්ට උරුම කොට දෙන කල, කුලුඳුලා සිටින, තමා ප්‍රේම නොකළ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට තමා ප්‍රේම කළ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවැනි අවස්ථාවක දී, ඒ පුරුෂයා තමා සන්තක වස්තුව තම දරුවන්ට උරුම කොට දෙන කල, කුලුඳුලා සිටින, තමා ප්‍රේම නොකළ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට තමා ප්‍රේම කළ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 21:16
10 හුවමාරු යොමු  

එවිට යාකොබ්: නුඹේ කුලුඳුල්කම අද මට විකුණන්නැයි කීය.


මෙරාරීගේ පුත්‍රයෙක්වූ හොසාගේ පුත්‍රයෝ වන ප්‍රධානියාවූ ෂිම්රීය. (ඔහු කුලුඳුලා නොවන නුමුත් ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත්කෙළේය.)


යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)


ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යූදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.


මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.


මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,


අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්