ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 2:5 - Sinhala Revised Old Version

ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 2:5
13 හුවමාරු යොමු  

ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.


සේයිර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.


මමම මාගේ මහත් බලයෙන්ද දිගුකළ මාගේ හස්තයෙන්ද පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගන, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,


ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.


නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


එහි එක පියවරක් තබන්ට පමණවත් ඔහුට උරුමයක් නොදී ඔහු දරුවෙකු නොලැබ සිටියදී, මේ දේශය ඔහුටද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටද උරුම කොට දෙන්ට පොරොන්දුවූසේක.


උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.


කන පිණිස ආහාර ඔවුන්ගෙන් මිලදී ගන්න; බොන පිණිස වතුරත් ඔවුන්ගෙන් මිලදී ගන්න.


මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.


ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.